චින භශාව

V͎ A͎r͎t͎ N͎e͎w͎s͎



𝗠𝗮𝗻𝗱𝗮𝗿𝗶𝗻 = චීනයේ ප්‍රදාන භාශාව

චීනයෙ ප්‍රදානම භාශාව තමා මැන්ඩරින් භාශාව.. මේ දවස් වල චීන භාශාව ඇහට හුරු කරගන්න ගොඩාක් පේජ් වලින් උදව් කරන නිසා මම හිතුවා චීන භාශාවෙ තියන වැදගත්කම ගැන කියල දෙන්න.. 

චීන අය තමන්ගෙ භාශාව ලියනව නෙමෙයි අඳින එකනෙ කරන්නෙ.. ඉතින් ඒ අයත් අපි වගේම අකුරු ලස්සනට ලියන්න පොඩි කාලෙ ඉදන්ම හුරු වෙනව..  අඳින එක කලාවක් කියල හැමෝම දන්නවනෙ.. කලාවට ලැදි අය බොහොමයක්ම මොලයේ දකුනු පැත්ත වැඩි පුර භාවිත කරනව කියලත් හැමෝම වගෙ අහල ඇති.. ඉතින් ඒ නිසා මේ චිත්‍ර අකුරු හැඩට අඳින්න අඳින්න මේ අයගෙ කලාවට තියන නැඹුරු වීම අනෙක් රටවල් වල සාමන්‍ය මනුස්සයෙක්ට වඩා ටිකක් ඉස්සරහින් තමා තියෙන්නෙ.. ඉතින් ඒ නිසාම  චීනේ ඉන්න සාමන්‍ය වැසියෙක් අනෙක් රටවල් වල සාමන්‍ය වැසියෙක්ට වඩා කලාත්මක නිර්මාන වලට දකශයි.. .. 

ඒ වගේම ගණිතය ගත්තම මොලෙ වම් පැත්තට අදාල දෙයක්.. ඒ කියන්නෙ තාර්කික දැනුම තියෙන්නෙ වම් පැත්තෙ.. ඉතින් හිතන්නකො අපි 28 කියන ඉලක්කමට සිංහලෙන් විසි අට වගේම ඉන්ග්‍රිසියෙන් twenty eight කියල කිව්වට චීන අය මේ ඉලක්කමෙ සැකස්මත් සිහියට නැගෙන විදියට තමා උච්චාරණය කරන්නෙ..  

28 =Èr shí bā ( 二十八) ඒකෙ සිංහල තේරුම තමා "දෙක දහය අට" .. ඔහොම තමා ඒ අය ඉලක්කම් උච්චාරනය කරන්නෙ

උදා -: 17,000 = "yī wàn qī qiān" .. ඒකෙ තේරුම one ten thousand seven thousand ( එක දහදාහයි හත දාහයි) [1 + 0,000 + 7 + 000 = 17000]

මැන්ඩරින් භාශාවෙ 10ට වැඩි හැම ඉලක්කමක්ම ඔය විදියට තමා උච්චාරනය වෙන්නෙ.. 

ඉතින් ආන් ඒ විදියට ඒ ඉලක්කම් වල ගණිත සැකස්ම කොටසින් කොටස එකතු වෙන විදිය සිහියට නගලා තමා උච්චාරණය කරන්නෙ .. ඒ වගේම එයලගෙ මැන්ඩරින් අකුරු ලියන්නෙ නෑ අඳිනව.. ඒ නිසා එයාලගෙ මොලෙ වම සහ දකුන යන දෙපැත්තම ඉතාමත් හොදින් ක්‍රියා කරනව වගේම දෙපැත්තෙම ක්‍රියාකාරිත්වය එකිනෙකට සමානත් වෙනව..

පහලින් ඒ අයගෙ භාශාවෙ ඉලක්කම් උච්චාරණය කරන විදිය පොඩ්ඩක් දාන්නම් කැමති අය කියවන්න

0零Líng = බින්දුව
1一Yī = එක
2二Èr = දෙක
3三Sān = තුන
4四Sì = හතර
5五Wǔ = පහ
6六Liù = හය
7七Qī = හත
8八Bā = අට
9九Jiǔ =නවය
10十Shí = දහය
11十一Shí yī = දහය එක
12十二Shí èr =දහය දෙක
13十三Shí sān = දහය තුන
14十四Shí sì =දහය හතර
15十五Shí wǔ = දහය පහ
16十六Shí liù = දහය හය
17十七Shí qī = දහය හත
18十八Shí bā = දහය අට
19十九Shí jiǔ = දහය නවය
20二十Èr shí = දෙක දහය

ලොකු ඉලක්කම් වලට යනකොට තව පොඩි පොඩි වචන කීපයක් එකතු වෙනව.. හැබැයි මේ විදියටම තමා ඒ වචනත් එකතු කරගන ඉස්සරහට ගනන් කරන්නෙ .. 

ඉතින් මේ භාශාව ටිකක් සංකීර්නයි .. පොඩි කාලෙ ඉදම්ම පුහුනු නොවුන කෙනෙක්ට ටිකක් පැටලිලි සහගත භාශාවක් වෙන්න පුලුවන්.. අකුරු අඳින පැත්ත කෙසේ වෙතත් ගණිතයට දස්කම් නොදක්වන අයට නම් මේ භාශාව කොහොමත් පැටලිල්ලක් .

උපුටා ගැනීමකි .




𝐀𝐝𝐦𝐢𝐧::🤫𝘥𝘶𝘭𝘴𝘩𝘢𝘯 𝘮𝘢𝘥𝘩𝘶𝘸𝘢𝘯𝘵𝘩𝘢

Comments

Popular posts from this blog

කුඹුක්/கும்புக்/कुंबुकी

අපෙ තෙ දල්ල

Business News