හිස නොමැතිව සතියක් ජිවත් විමට හැකි සත්වයා
ඔබ දන්නවාද
කැරපොත්තාට හිස නොමැතිව සතියක් ජීවත් විය හැකි බව. කකුලක් මුලින්ම ගැලවිලා ගියත් සති තුනෙන් ආපහු කකුල හැදෙනවා. කිසිම කෑමක් නොමැතිව මාසයක් එක තැන ඉන්න පුළුවන් අපූරු සතෙක්. කොතැන ජීවත් උනත් කෘමි ලෝකයේ ඉන්න පිරිසිදුම සතා තමයි කැරපොත්තා කියන්නේ..මනුස්සයෙක් උගේ ඇගේ ගෑවෙනවටවත් ඌ කැමති නෑ. ගෑවුණත් ඉක්මනින් පිරිසිදු කරගන්නවා. ඒ වගේම කැරපොත්තාට පියාඹන්න පුළුවන් වෙන්නේ වයසට ගියාම විතරයි.. මෙයාට කන් දෙකක් නෑ. ඔලුව උඩ තියෙන ඇන්ටනා දෙකෙන් තමා සංනිවේදනය කරන්නේ..
ගුරුලෙක් මේ විදියට කැරපොත්තාව ඇදගෙන යනවා දැකලා තියෙනවාද.. ගුරුලගේ කෑමට නම් නෙමේ මේ විදියට අරගෙන යන්නේ. කැරපොත්තගේ හිසට ගුරුලා අපූරු ශල්‍යකර්මයක් කරනවා. ඒකෙන් කැරපොත්තා සොම්බියෙක් වෙනවා. ගුරුලා මෙයාව අරගෙන ගිහින් බඩේ ඇතුල් පැත්තෙන් ගුරුලගෙ බිත්තර අලවනවා. මාසයක් විතර ගියාම බිත්තරෙන් එලියට එන ගුරුලු පැටවා මෙයාව ටික ටික කාලා තමයි ලොකු වෙන්නේ. ඒත් කන්නේ මරලා නෙමේ පන පිටින් ටික ටික..
බිත්තරේ දාලා ගිය ගුරුලු අම්මා ආයේ පැත්තටවත් එන්නේ නෑ. එහෙමයි කියලා කැරපොත්තට පැනලා යන්නත් බෑ , උගේ හිසට කරපු ශල්‍යකර්මය නිසා. පැටවා එලියට ඇවිත් තමන්ගෙ ඇගේ ටික ටික කනකම් අහිංසක කැරපොත්තා ඔහේ බලාගෙන ඉන්නවා.................. copied.


Comments
Post a Comment